Tuesday, February 17, 2026
Follow Us
රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ වෙනසක්

රියදුරු පුහුණුව සමත් වූ දිනයේම බලපත්‍රය ලබාදීමේ ක්‍රියාවලිය අත්හිටුවීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයේදී අක්‍රමිකතා සිදුවන බවට පැමිණිලි ලැබීමත් සමඟ මෙම තීරණය ගත් බවයි.

අනුරාධපුර කාර්යාලයේ සිදුවූ මෙවැනි අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාට පැමිණි කිහිපයක් ලැබීමත් සමඟ එම ක්‍රියාවලිය අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.
මීට පෙර ලිඛිත පරීක්ෂණය සහ ප්‍රායෝගික පරීක්ෂණය සමත් වන සීමිත පිරිසකට රුපියල් 500ක මුදලක් ගෙවීමෙන් රියදුරු බලපත්‍රය ලබාගැනීමේ අවස්ථාව ලබා දී තිබුණි.

ප්‍රායෝගික පරීක්ෂණය සමත් වූ දිනයේම රියදුරු බලපත්‍රය නොලැබුණද තාවකාලික බලපත්‍රයක් හිමිවන පුද්ගලයින්ට එය උපයෝගී කරගනිමින් රථවාහන ධාවනයට අවසර හිමිවේ.

ඒ අනුව කලින් වේලාවන් වෙන්කරවා ගත් පුද්ගලයන්ට එක්දින සේවාවන් සහ අනෙකුත් සේවාවන් අඛණ්ඩව ක්‍රියාත්මක බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සදහන් කරයි.

(Aruna)