ශ්‍රී ලංකා මහ බැංකු ගත් තීරණය
රටේ පවතින ඩොලර් අර්බුදය හමුවේ ඉන්ධන සහනාධාරය ලබාදීමට නොහැකිවනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසා ඇත.
මහ බැංකු අධිපතිවරයා උපුටා දක්වන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ජවතාවගේ ඉල්ලුම පාලනය කිරීමෙන් ඉන්ධන සඳහා විදේශ විනිමය ගලා යාම අඩු වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා අපේක්ෂා කරන බවයි.
ඉන්දියාව වැනි අසල්වැසි රටවල් පෙට්‍රල් ලීටරයකට ගෙවන මිලට ආසන්න අගයකට අපේ රටේ මිල ගණන් ළඟාවී ඇති බව ද මහ බැංකු අධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබේ. ඔහු සඳහන් කර ඇත්තේ අපේ රටේ ප්‍රිමියම් පෙට්‍රල් ලීටරයක් රුපියල් 210 ක් වෙද්දී ඉන්දියාවේ එය රුපියල් 264 ක් බවයි.
(Aruna)