Tuesday, February 17, 2026
Follow Us
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ඉවත් කිරීමට විධිමත් සමීක්‍ෂණයක්

කොළඹ වරාය ආසන්නයේ මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව එම ස්ථානයෙන් ඉවත් කිරීම සදහා විධිමත් සමීක්‍ෂණයක් මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර පැවසුවේ මුහුදු බත් වූ නෞකාව ඉවත් කිරීම අදාළ නෞකාව හිමි සමාගම මගින් චීන සමාගමක් වෙත පවරා ඇති බවයි.

සාගර පතුලේ ඇති කන්ටේනර් කොටස් ඉවත් කිරීම අමෙරිකානු සමාගමක් මගින් මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සභාපතිනිය නෙත් නිවුස් වෙත කියාසිටියේ.

සාගර පතුලේ ඇති කන්ටේනර් කොටස් ඉවත් කිරීම සහ නෞකාව ඉවත් කර ගැනීමේ කටයුතු සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක බවද නීතිඥ දර්ශනී ලහඳපුර වැඩිදුරටත් ප්‍රකාශ කළා.

(Neth)