Friday, February 13, 2026
Follow Us
නිවාස අමාත්‍යංශයේ නව ව්‍යාපෘති තාවකාලිකව නවතයි

රටේ පවතින ආර්ථික තත්ත්වය යහපත් වන තුරු සැලසුම් කර ඇති නව ව්‍යපෘති තාවකාලිකව අත්හිටුවීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.



අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කළේ ඉදිරි අයවැය ඉදිරිපත් කරන තුරු අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් අමාත්‍යංශයෙන් ප්‍රතිපාදන ලබාදෙන බවයි.

මේ අතර නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ඇති ප්‍රයෝජනයට නොගත් ඉඩම්වල වගා කිරීමට ද තීරණය කර තිබෙනවා. ආයෝජනයන් සඳහා ලබාදී ඇති එහෙත් මෙතෙක් භාවිත නොකළ ඉඩම් යළි පවරා ගැනීමට ද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

(Neth)