Friday, February 13, 2026
Follow Us
ඉන්ධන ලබාදීමේ සීමාවන් වැඩි කරයි

තෙල් නිකුත්කිරීමේ නව සීමාවන් මෙන්න


ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ රථවාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේ සීමාවේ වෙනසක් සිදුකර තිබේ.

සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර දැන් පැවැත්වෙන කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව පැවසීය.

ඒ අනුව යතුරුපැදි සඳහා ඉන්ධන නිකුත් කිරීමේ නව සීමාව රුපියල් 2,500ක් දක්වා ඉහළ දමා ඇත.
මේ අතර ත්‍රිරෝද රථ සඳහා පැවති ඉන්ධන නිකුත් කිරීමේ සීමාව රුපියල් 3,000ක් දක්වා වැඩිකර තිබේ.
එසේම මෝටර් රථ, වෑන් රථ සහ ජිප් රථ සඳහා ඉන්ධන නිකුත් කිරීමේ උපරිම සීමාව රුපියල් 10,000ක් දක්වා ද ඉහළ දමා ඇත.

(Aruna)