Friday, February 13, 2026
Follow Us
සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් විශේෂ පොලිස් ආරක්ෂාවක්

අදින් ඇරඹෙන අපොස සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පැවසුවේ විභාග දෙපාර්තමේන්තුවේ පිහිටා ඇති විශේෂ පොලිස් මුරපල හරහා පොලිස් නිලධාරීන් සම්බන්ධීකරණය කරමින් අදාළ ආරක්ෂක කටයුතු මෙහෙයවන බවයි.

විභාග මධ්‍යස්ථානවල ආරක්ෂාව සඳහා දෛනික පොලිස් මුර සංචාරද ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ හිඟයකින් තොරව බස්රථ ධාවනයට එක් කරන බව ලංකා ගමනා ගමන මණ්ඩලය මෙන්ම පෞද්ගලික බස් සංගම්ද ප්‍රකාශ කළා. නියමිත කාලසටහනට අනුව අද සිට සියලුම දුම්රිය ධාවනයට එක් කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

(Neth)