Monday, September 28, 2026
Follow Us
ඔක්ටේන් 95 පෙට්‍රල් බෙදාහැරීම ඇරඹෙයි

පෙට්‍රල් රැගත් නෞක 2ක් දිවයිනට


අද (23) සිට දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් වෙත ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් නිකුත් කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසා ඇත.

මේ වන විට ඉන්ධන තොග රැගත් නෞකා 2ක් වරාය වෙත සේන්දු වී ඇත.

එබැවින් ඉදිරි සති 6 තුළට සෑහෙන ප්‍රමාණයක ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් නිකුත් කිරීමට හැකියාවක් ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් ඔක්ටේන් 92 පෙට්‍රල් මිල දී ගැනීම සඳහා පෝලිම්වල රැඳී නොසිටින ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටින අතර හෙට (24) සිට ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලබා ගැනීමට කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

(Aruna)