ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට යමින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටියත් චීනය ඊට අකමැත්ත ප්‍රකාශ කර ඇති බව කැබිනට් ප්‍රකාශක නාලක ගොඩහේවා මහතා පවසයි.
ප්‍රශ්නගත ඉඩමකට අදාළව කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගයක් කඩ කරමින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටින ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (Sri Lanka Tourism Development Authority – SLTDA) සභාපතිනිය වන කිමාලි ප්‍රනාන්දු පිළිබඳව ඉකුත් පෙබරවාරි මස LNW අපි ඔබට තොරතුරු වාර්තා කළෙමු. එපමණක් නොව එම ප්‍රශ්නගත ඉඩමට අදාළව සංචාරක අධිකාරියේ බලය අවභාවිතා කරමින් මුල පටන්ම කිමාලි ප්‍රනාන්දු හැසිරුණු අන්දම, ඇගේ පවුල් සංග්‍රහය හා ඊට අදාළව ලබා දුන් අධිකරණ නියෝග පවා නොතකමින් ඈ හැසිරුණු අන්දම පළමු වරට හෙළිදරව් කළේ LNW අප ය.
රජයේ සේවා වියදම් පාලනය කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් විසින් විශේෂ චක්‍රලේඛයක් සියලුම අමාත්‍යාංශ, රාජ්‍ය අමාත්‍යාං, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානින් වෙත නිකුත් කර තිබෙනවා.
විදුලි බිල්පත් වැඩිකිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉල්ලීමක් කර ඇති බවත් ඊට මහජන උපයෝගීතා කොමිසමේ ද අනුමැතිය හිමිව ඇති බවත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
කිසිඳු පෙර දැනුම්දීමකින් හෝ අවසරයකින් තොරව මේ වනවිට පාරිභෝගික භාණ්ඩ මිල දිනෙන් දින ඉහළ යමින් තිබෙනවා. ඇතැම් භාණ්ඩවල මිල ගණන් ඉහළ ගොස් ඇති බව ජනතාව දැනගන්නේ ද එම භාණ්ඩ මිලදී ගැනීමට වෙළඳසැලට ගිය අවස්ථාවේදීයි. සහල්, සීනි, පරිප්පු වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙන්ම සබන් සහ සිමෙන්ති ඊට ආසන්නතම උදාහරණයි.
රට ආර්ථික අර්බුදයක සිටින මොහොතක උද්ඝෝෂණ සහ විරෝධතා ආශ්‍රිත ප්‍රදේශවල ආරක්ෂාවට යොදවා ඇති පොලිස් නිළධාරීන්ට අලුතින් උපකරණ ලබා දීමක් සිදු කර ඇතිද ? මේ දිනවල සමාජ මාධ්‍ය වල වැඩි වශයෙන් කතා වන මාතෘකාවක්.
පවතින ඖෂධ හිඟය හේතුවෙන් ඇතැම් රෝහල්වලින් ඖෂධ නිකුත් කිරීම පවා සීමා කර ඇතැයි රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසනවා. එහි සභාපති අජිත් තිලකරත්න පැවසුවේ කොළඹ ජාතික රෝහලේ පවා ඖෂධ ලබා දීම සීමා කර ඇති බවයි.
අන්තර්වාර පාලනයක් වෙනුවෙන් තමන් සූදානම් බවට ජනාධිපතිවරයා විසින් ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් වෙත ලිඛිතව දැනුම් දී ඇති බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ පවසති.
Page 191 of 638