Friday, February 13, 2026
Follow Us
ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තු ඇතුළු අනෙකුත් සේවා මිලත් වැඩිකිරීමට අනුමැතිය

අද (24) අළුයම 03.00 සිට ක්‍රියාත්මක වන පරිදි සිදුකෙරුණු ඉන්ධන මිල වැඩිකිරීමට සාපේක්ෂව බස් ගාස්තු ඇතුළු අනෙකුත් අත්‍යාවශ්‍ය සේවාවන්වල ද මිල ගණන් වෙනස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඒ අනුව මේ වනවිට අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂක සිසු සිසුවියන්ට බාධාවක් නොවන ආකාරයෙන් ප්‍රවාහන ගාස්තු සංශෝධනය කිරීම සඳහා පියවර ගන්නැයි අදාළ අංශ වෙතින් ඉල්ලා සිටින බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

එමෙන්ම ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කෙරුණේ මිල සූත්‍රයට අනුව බවත් එම මිල සූත්‍රයට ඊයේ (23) දිනයේදී කැබිනට් අනුමැතිය හිමිවූ බවත් අමාත්‍ය කංචන විජේසේකර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

(LNW)