Friday, February 13, 2026
Follow Us
සා.පෙළ විභාගය අද ඇරඹෙයි

විභාගය ලියන්න ලක්ෂ 5ක් ඉඳගනී


අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (23) දිවයින පුරා මධ්‍යස්ථාන 3,844කදී ආරම්භ වේ.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා අපේක්ෂකයින් පන්ලක්ෂ 17,496 දෙනෙකු පෙනී සිටින අතර ඉන් 407,129 දෙනෙකු පාසල් අයදුම්කරුවන් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

110,367 දෙනෙකු පෞද්ගලික අයදුම්කරුවන් බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙවර විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 542ක් දිවයින පුරා ස්ථාපිත කර තිබේ.

අද දිනයේ ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ජුනි මස පළමුවනදා දක්වා පැවැත්වීමට නියමිතය.

(Aruna)