අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 6වන දිනය අදයි. සෞඛ්‍ය අමාත්‍යාංශය, බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යන අමාත්‍යංශවලට අයත් වැය ශීර්ෂයන් අද විවාදයට ගැනීමට නියමිතයි.
විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු (SCL) අනුපාතය අඩු කිරීමට ආහාර ප්‍රතිපත්ති කමිටුව පසුගිය 24 දා රැස් වූ අවස්ථාවේදී නිර්දේශ කර ඇති අතර ඒ අනුව වෙළඳපොලේ ලොකු ලූණු මිල දී ගැනීමේ හැකියාව වැඩි වීම, ලොකු ලූණු මිල අඩු කිරීමට පිටිවහලක් වනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2023 වසරේ අප්‍රේල් මස අග භාගයේදී හෝ මැයි මස මුලදී පැවැත්වීමට කටයුතු කරන අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
විභාග අසමත්වුවද, ජීවිතය ජය ගැනීමට තවත් බොහෝ අවස්ථා පවතින බව විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන පවසනවා. විභාග කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙන්නේ විභාග වලින් අසමත් වන අයදුම්කරුවන් දෙස සියලු පාර්ශ්ව වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.
මෙරට බිත්තර මිල ඉහළ ගොස් ඇත්තේ අසාමාන්‍ය අයුරින් බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.
එළඹෙන දෙසැම්බර් මස මැද භාගය වනවිට සපුගස්කන්ද ඛණිජතෙල් පිරිපහදුවේ කටයුතු යළි ආරම්භ කිරීමට උත්සහ කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසනවා.
ධීවර ජනතාව සඳහා සහන මිලට භූමිතෙල් ලබාදීමේ කටයුතු ඉදිරියේදී සිදුකරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසනවා.
දැවැන්ත පරිසර හානියක් සිදුකරමින් කොළඹ වරාය ආසන්න මුහුදු තීරයේදී ගිනිගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා ඇතුළු එම සිද්ධියට අදාළ 8 දෙනෙකුට කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (25) අධිචෝදනා භාරදෙනු ලැබිණි.
Page 110 of 647