බොහෝ දේශීය සිසුන් හට විනයගරුක අධ්‍යාපනයක් සමඟ නායකත්ව කුසලතා වර්ධනය කර ගැනීමට අනගි පිටුවහලක් වන බැවින් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට (KDU) සිසුන් බොහෝ දෙනෙක් කැමැත්තක් දක්වනු ලබති. එම නිසාම සිවිල් විෂය ධාරාව සඳහා තවත් විශ්ව විද්‍යාල මණ්ඩපයක් කුරුණෑගලදී ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇත.
බිත්තර නිෂ්පාදකයින්ට එරෙහිවද ඉදිරියේදී පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය නීතිමය පියවර ගන්නා බව වෙළද, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා. සිය නිෂ්පාදන සගවා තබා ගන්නා සහ පවතින තොග පිළිබද වාර්තා ලබානොදෙන බිත්තර නිෂ්පාදකයින්ට එරෙහිව එලෙස පියවර ගන්නා බවයි අමාත්‍යවරයා පැවසුවේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරුන් සිව්දෙනාගෙන් දෙදෙනෙකු දෙසැම්බර් 31 වනදා විශ්‍රාම යාමට නියමිතව තිබෙනවා. ඒ, දෙසැම්බර් 31 වනදා සිට රජයේ සේවකයන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමට රජය ගෙන ඇති තීරණයත් සමගයි.
නිදහස් ශ්‍රී ලංකාවේ 77වන අයවැය ලෙස 2023 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද පස්වරු 1.30ට අයවැය කතාව ආරම්භ කිරීමට නියමිතයි.
ආහාර නොලැබෙන පාසල් දරුවන්ගේ සංඛ්‍යාව වෙනදාට වඩා වැඩි වී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා. ඵ්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදි අද ඇසු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්. විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේ ඉදිරි අයවැයෙන් හෝ පාසල් දරුවන්ට දිවා ආහාර වේලක් ලබා දීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන ලෙසයි.
අපනයන ඉලක්ක කරගත් තරගකාරී ආර්ථිකයක් ශ්‍රී ලංකාවේ අපේක්ෂාව වන බැවින් ඒ සදහා ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂක කුසලතා සහ උපායමාර්ගික කුසලතා ප්‍රයෝජනයට ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
තවත් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 22,000 ක තොගයක් අනිද් දා (2022.11.14) මෙරටට ගෙන ඒමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
වගා කටයුතු සදහා රජයේ ඉඩම් තවත් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ඉදිරි මාස කිහිපය තුළ නිදහස් කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. එම ඉඩම්වල ආයුර්වේදයට අවශ්‍ය වගාවන්ද සිදු කළ යුතු බවට රජය තීරණයක් ගෙන ඇති බවයි අග්‍රාමාත්‍යවරයා පැවසුවේ.
සියලු රාජ්‍ය සේවාවන් සදහා ඒකාබද්ධ යාන්ත්‍රණයක් සැකසීමට කෙටි, මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ ප්‍රමුඛතා හදුනාගැනීම පිළිබද ජාතික සභා අනුකාරක සභාවේ අවධානය යොමු වී ඇති බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
The dollar-starved government paid as much as US $ 10 million as demurrage during the last six months for shipments of fuel, Daily Mirror learns .
ආනයනික එළවලු බීජවල මිල ගණන් ඉහළ ගියද ඊට සාපේක්ෂව දේශීය එළවළු බීජ මිල ගණන් ඉහළ ගොස් නොමැති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
තවත් සැලකිය යුතු කාලයක් ජනතාවට පටි තද කරගෙන සිටීමට සිදුවනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.
ආර්ථික අර්බුදය හේතුවෙන් භාණ්ඩාගාරය මගින් මුදල් නිදහස් කිරීමේ ප්‍රමාදය හේතුවෙන් විශ්‍රාමික පාරිතෝෂිකය අපේක්ෂාවෙන් විශාල පිරිසක් පොරොත්තු ලේඛනයේ සිටින බව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
Page 109 of 640