Sunday, February 08, 2026
Follow Us
උත්‍සව සමයේදී පාරිභෝගිකයන් රකින්න අලුත් වැඩක්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අලුත්ම සැලසුම මෙන්න


එළැඹෙන උත්සව සමයේදී පාරිභෝගිකයන්ට සිදු විය හැකි අසාධාරණකම් වැලැක්වීම සඳහා ජනවාරි 15 වැනිදා දක්වා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සැලසුම් කර ඇත.

මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා සෑම දිස්ත්‍රික්කයකටම අනුයුක්ත කර ඇති පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සියලු විමර්ශන නිලධාරීන් වැටලීම් හා විමර්ශන කටයුතු සඳහා යොමු කරවන ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී තිබේ.

ඒ අනුව නොවැම්බර් 30 වැනිදාට පෙර සෑම දිස්ත්‍රික්කයකම පිහිටි ප්‍රධාන තොග අලෙවිසැල් හා ගබඩා පරීක්ෂා කිරීම් මෙන්ම වැටලීම් ද සිදු කළ යුතුය. එමගින් කල් ඉකුත් වූ හා තොරතුරු වෙනස් කරන ලද භාණ්ඩ වෙළෙඳපොළට පැමිණීම වැළැක්වීමට හැකි බව එම අධිකාරිය සඳහන් කරයි.

දෙසැම්බර් 01 වැනිදා සිට 2023 ජනවාරි 15 වැනිදා දක්වා සිල්ලර වෙළෙඳසැල් වැටලීම් හා විමර්ශන සඳහා වැඩි අවධානයක් යොමු වන අතර, ඊට අමතරව ජංගම වෙළෙඳුන් සහ සේල් වැනි දෑ ද මෙම විශේෂ වැඩපිළිවෙළට අදාළව අධීක්ෂණය කෙරේ.

Aruna