Sunday, February 08, 2026
Follow Us
ඩීසල් බෙදන්න පටන් ගනියි

ඩීසල් තොගය ගොඩබෑමේ කටයුතු අද


චීන රජය විසින් පරිත්‍යාග කරනු ලැබූ ඩීසල් තොගය ගොඩබෑමේ කටයුතු අද (27) දිනයේ සිදුකිරීමට නියමිතයි.

ඩීසල් ලීටර් මිලියන 10.6ක් රැගත් සුපර් ඊස්ටන් නෞකාව ඊ‍යේ (26) පෙරවරුවේ කොළඹ වරායට ළඟා විය.

ඒ අනුව අදාළ නෞකාවේ ඩීසල් ගොඩබෑමේ කටයුතු අද දිනයේ සිට ආරම්භ කිරීමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේය.

මෙරට ගොවීන් සහ ධීවරයින් සඳහා පරිත්‍යාගයක් ලෙස මෙම ඩීසල් තොගය චීන රජය විසින් ශ්‍රී ලංකාවට ලබාදී තිබුණි.

ඒ අනුව අදාළ ඩීසල් ඉදිරියේදී ගොවි ජනතාවට සහ ධීවර ජනතාවට ලබාදීමට නියමිත බව විදුලි බල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, මහ කන්නයේ අස්වනු නෙලීම ආරම්භ වන තෙක් අදාළ ඩීසල් තොග ගොවි ජනතාව වෙත ලබානොදෙන බවය.

Aruna