Sunday, February 08, 2026
Follow Us
අසාමාන්‍ය ලෙස මිල ඉහල ගිය බිත්තර ගැන වෙළඳ ඇමති කතා කරයි

මෙරට බිත්තර මිල ඉහළ ගොස් ඇත්තේ අසාමාන්‍ය අයුරින් බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.

ගනේමුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ සාමාන්‍යයෙන් සිදුවන්නේ යම්කිසි භාණ්ඩයක මිල අනෙකුත් භාණ්ඩවල මිල ඉහළ යාමේදී ඊට සාපේක්ෂව ඉහළ යන බවත්, එම භාණ්ඩවල මිල යළි පහළ යන විට අදාළ භාණ්ඩයේ ද මිල පහළ යන බවයි.

එහෙත් බිත්තර මිල එලෙස අඩු නොවීම සම්බන්ධයෙන් ගැටළු සහගත තත්ත්වයක් උද්ගතවී ඇති බවයි වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පැවසුවේ.

ඉදිරියේදී උත්සව සමය එළඹීම හේතුවෙන් බිත්තර ව්‍යාපාරිකයින් බිත්තර මිල ඉහළ දැමීමේ දැඩි උත්සහයක නිරත වන බව ද වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

Neth