Sunday, February 08, 2026
Follow Us
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන් ඇතුළු 8 දෙනෙකුට අධිචෝදනා භාරදෙයි

දැවැන්ත පරිසර හානියක් සිදුකරමින් කොළඹ වරාය ආසන්න මුහුදු තීරයේදී ගිනිගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා ඇතුළු එම සිද්ධියට අදාළ 8 දෙනෙකුට කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (25) අධිචෝදනා භාරදෙනු ලැබිණි.

එහිදී එක් එක් සැකකරුවකු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් බැගින් මත මුදාහැරීමටයි මහාධිකරණය නියම කළේ.

එමෙන්ම ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කර, විදෙස් ගමන් බලපත්‍ර අධිකරණය භාරයේ තැබීමට නියම කළ විනිසුරුවරයා ඔවුන්ට සෑම මසකම අවසන් ඉරිදා දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසත් නියෝග කළේය.

LNW