අම්බුළුවාව කන්දේ සියලු ඉදිකිරීම් නතර කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස පරිසර අමාත්‍යාංශ විසින් මධ්‍යම පරිසර අධිකාරිය වෙත දැනුම් දී ඇති බව පරිසර අමාත්‍යාංශය නිවේදනය කරයි.
රාජ්‍ය සෞඛ්‍ය කළමණාකරණ සහකාර තනතුර සඳහා 213 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (27) උදෑසන 9.30 ට කොළඹ පදනම් ආයතනයේ දී සිදු කිරීමට නියමිතය.
මොරටුව ශාන්ත සේබස්තියන් දේවස්ථානයේ 151 වන වාර්ෂික පෙරහර මංගල්‍යය අද (20) සවස් කාලයේ පැවැත්වීමට නියමිතයි.
පසුගිය නොවැම්බරයේ පැවැත්වෙමින් තිබූ අ.පො.ස උසස් පෙළ විභාගයේ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් නොපැවැත්වූ විෂයයන් හෙට (12) සිට 20 වැනිදා දක්වා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ග්‍රාමීය සංවර්ධනයට රජය වෙන් කර ඇති මුදල් උපයෝජනය කිරීමේ දී ප්‍රජා සංවර්ධන සභා කාර්යභාරය සුවිශේෂයි
සමාජ සවිබල ගැන්වීම තුළින් දිළිඳුකම පිටු දැකිම සහ ආර්ථික සාධාරණත්වය තහවුරු කිරීම වෙනුවෙන් නව රජය හඳුන්වා දී ඇති ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය මේ වන විට දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් සාර්ථකව ක්‍රියාත්මක වන අතර එම සැලසුම් ඉදිරියට ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් නව ඩිජිටල් පද්ධතියක් හඳුන්වා දීමට සැලසුම් කර තිබේ.
2026 වසරේ පැවැත්වෙන විභාග දිනයන් සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරිය දැනුම් දී තිබෙන අතර ජාතික විභාග 7ක් පැවැත්වීමට නියමිතව ඇත.
සිංහල හා දෙමළ පාසල්වල පළමු පාසල් වාරයේ පළමු අදියරේ නිවාඩුව අවසන්ව දෙවැනි අදියර අද (21) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය (2025) සඳහා ගෘහ ආර්ථික විද්‍යාව විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණය එළැඹෙන 2026 ජනවාරි 24 දින සිට පෙබරවාරි 02 දින දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.
අම්බුළුවාව කන්දේ සියලු ඉදිකිරීම් නතර කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස පරිසර අමාත්‍යාංශ විසින් මධ්‍යම පරිසර අධිකාරිය වෙත දැනුම් දී ඇති බව පරිසර අමාත්‍යාංශය නිවේදනය කරයි.
රාජගිරිය, ඔබේසේකරපුර, අරුණෝදය මාවතේ නිවාස ඒකක 300ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නවතා තිබූ කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව දක්වා රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු දුම්රිය කිහිපයක් යළි ධාවනයට එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ගෙන තිබේ.
දිස්ත්‍රික්ක දෙකකට බලපැවැත්වෙන පරිදි නිකුත් කළ නායයාමේ රතු නිවේදනය හෙට (10) පෙරවරු 9.00 දක්වා දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරයි.
බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ තුන්වන අදියර ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
දැනට ආරම්භ කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ 06 වන ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලය යළි සමාලෝචනය කර 2027 දී ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ජනවාරි මස 1 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික අංශයේ අවම වැටුප රු 3,000කින් වැඩි කර තිබේ.
පවතින වර්ෂාපතනයේ යම්කිසි අඩුවීමක් නිරීක්ෂණය වුවද නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කිරීමට පියවර ගත් බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසයි.
ආපදාවෙන් බලපෑමට ලක් වූ ගම්මිරිස්, කෝපි සහ කරදමුංගු වගාවන් සඳහා සහන සැලසීමේ වැඩසටහනක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
Page 10 of 645