Wednesday, February 18, 2026
Follow Us
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා විවෘත පදනම මත බඳවා ගැනීමේ තරග විභාගය - 2026 සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා විවෘත පදනම මත බඳවා ගැනීමට අයදුම්පත් කැඳවමින් 2026 පෙබරවාරි 02 වැනි දින නිකුත් කරන ලද අංක 2474/19 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කළ නිවේදනයේ 5.1 වගන්තියට අනුව, උපාධි සුදුසුකම් සම්පූර්ණ කළ යුතු දිනය 2026 මාර්තු 05 දිනය ලෙස සංශෝධනය කිරීම සඳහා 2026.02.16 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලැබී ඇති බව අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව ඉහත අංකයෙන් යුත් ගැසට් නිවේදනය සංශෝධනය කරනු ඇති බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.