Friday, September 25, 2026
Follow Us
පාසල් සිසුන් සඳහා වන පාවහන් තිළිණපත්වල කාලය දීර්ඝ කෙරේ
2026 වර්ෂයේ තෝරා ගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීලමාතාවන් වෙත රු 3000.00 ක වටිනාකමක් සහිත පාවහන් තිළිණපත් ලබාදීමේ වැඩසටහනේ කාලය දීර්ඝ කර ඇති බව අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
 
ඒ අනුව එම තිළිණපත්වල වලංගු කාලය 2026.02.28 දිනෙන් අවසන් වීමට තිබුණ ද එහි වලංගු කාලය 2026.03.15 දින දක්වා දීර්ඝ වේ.