පසුගිය වසර අවසානයේදී දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුවේ බලපෑම හමුවේ ආපදාවට ලක් වූ විශ්වවිද්යාල සිසුන්ට ආර්ථික සහන සැලසීම යටතේ විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහනක් ආරම්භ කර තිබේ.
ලලිත් ඇතුළත්මුදලි මහපොළ උසස් අධ්යාපන ශිෂ්යත්ව භාරකාර අරමුදලේ (MTF) භාරකාර මණ්ඩලය විසින් එක්වරක් පමණක් පිරිනැමෙන පරිදි මෙම විශේෂ ශිෂ්යත්ව වැඩසටහන ක්රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
එම විශේෂ ශිෂ්යත්ව වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීම මේ වනවිට ආරම්භ කර ඇති අතර එම අයදුම්පත් www.mahapola.lk යන මහපොළ වෙබ් අඩවිය හරහා ලබාගත හැකියි.
