Thursday, March 05, 2026
Follow Us
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් සාමාන්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයට අයත් ආයතන යථාවත් කිරීම කඩිනම් කෙරේ
පසුගිය වසරේ දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් වූ සාමාන්ය අධ්යාපන ක්ෂේත්රයට අයත් ආයතන කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.

 

 
ඒ යටතේ දිවයිනේ පළාත් 09හි ජාතික පාසල් 150ක් ප්රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 1,988.83ක් ද ජාතික විද්යාපීඨ 07ක් ප්රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 285.40ක් ද වශයෙන් රුපියල් මිලියන 2,274.23ක් වැය වනු ඇති බවට ඇස්තමේන්තු කර ඇත.
 
ඊට අමතරව, අධික බෑවුම් සහිත ප්රදේශවල පිහිටි අධ්යාපන ආයතනවල නායයෑම් අවදානම ඉවත් කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ලබා දෙන වාර්තා හා සැලසුම් මත පදනම්ව අවශ්ය වන ව්යූහයන් (Structures) ඉදිකිරීමට සිදුව තිබේ.
 
ඒ අනුව, අදාළ ප්රතිසංස්කරණ කටයුතු කඩිනමින් සිදු කිරීමේ අවශ්යතාව පෙන්වා දෙමින් අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්ය වශයෙන් අග්රාමාත්යවරිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සැලකිල්ලට ගෙන, 2025 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද පරිපූරක ඇස්තමේන්තුවේ ප්රතිපාදන උපයෝගි කර ගනිමින් එකී ප්රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්ය ප්රතිපාදන සලසා දීම පිණිස අමාත්ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබේ.