Tuesday, February 24, 2026
Follow Us
‘රටම එකට’ ජාතික මෙහෙයුමට අදාළව විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතියක්

රටම එකට ජාතික මෙහෙයුමට අදාළව මාර්තු 01වැනිදායින් ආරම්භවන සතිය විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ලෙස ප්‍රකාශයට පත් කෙරේ.

විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට ජාතික මෙහෙයුම‘ සම්බන්ධයෙන් නිකුත් කළ 2025.11.26දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රෙල්ඛ 29/2025 වෙත අවධානය යොමු කරමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය විසින් මෙම සතිය ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව මෙම සතිය තුළ සෑම අමාත්‍යංශයකම, දෙපාර්තමේන්තුවකම, ආයතනයකම, සංස්ථාවකම සහ ව්‍යවස්ථාපිත මණ්ඩලයකම නිලධාරීන්ගේ දායකත්වයෙන් වැඩසටහන් රැසක් සංවිධාන කර තිබේ.

කාර්ය මණ්ඩලය, සිවිල් ප්‍රජාව සහ පාසැල් දරුවන් දනුම්වත් කිරීමේ වැඩසටහන්, විෂ මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව පුළුල් සමාජ කතිකාවක් නිර්මාණ්‍ය කළ හැකි ප්‍රචාරණ වැඩසටහන්, නිලධරයන් සහ ප්‍රජාව සම්බන්ධ කරගනිමින් සිදු කෙරෙන වැඩසටහන්, බස් රථ, ත්‍රිරෝද රථ හා පාසැල් ළමුන් ප්‍රවාහනයේ නිරතවන වාහන සම්බන්ධ කර ගනිමින් විවිධ ප්‍රචාරක වැඩසටහන්, අවස්ථාවට සහ ප්‍රදේශයට ගැලපෙන මෙන්ම තේමාවට අදාළ හඳුනාගත් වෙනත් වැඩසටහන් මෙම සතිය තුළ සැළසුම් කර ඇත.

641652589 1495572072129323 495135194804644024 n

640187082 1495572202129310 1119985949699634972 n