කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා ඇතැයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.
ඒ අනුව මොරටුව, රාවතාවත්ත, සොයිසාපුර, රත්මලාන, ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත, පාමංකඩ, මුල්ලේරියාව, කොලොන්නාව ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවනු ඇත.
එසේම බත්තරමුල්ල ප්‍රදේශයට අඩු පීඩන තත්ත්වය යටතේ ජල සැපයුම් සිදු වන අතර අඹතලේ සිට දෙහිවල දක්වා ජලය සපයන ප්‍රධාන ජල සැපයුම් මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් මෙලෙස ජලය අත්හිටුවා ඇත.
කෙසේ නමුත් හෙට (19) උදෑසන 6.00ට පෙර ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.