මෙම වර්ෂයේ දෙවැනි කාර්තුව සඳහා යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජනතාවගේ ලිඛිත සහ වාචික අදහස් හා යෝජනා ලබා ගැනීම මාර්තු 18 දක්වා සිදු කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.
යෝජිත විදුලි ගාස්තු සම්බන්ධයෙන් වන යෝජනා සම්බන්ධයෙන් ඊයේ (25) සිට මහජන අදහස් ලබා දීම ආරම්භ කෙරිණි. වාචික අදහස් ඉදිරිපත් කිරීමට පළාත් 9 ආවරණය වන පරිදි ස්ථාන 5කදී අවස්ථාව හිමි වේ.
එහි පළමුවැන්න මාර්තු 7 වැනිදා අම්පාරේදී පැවැත්වේ. ඉන් අනතුරුව වව්නියාවේදී මාර්තු 11 වැනිදා, මාතලේ දිස්ත්රික්කයේදී මාර්තු 12 වැනිදා, හම්බන්තොටදී මාර්තු 16 සහ අවසාන වාචික උපදේශනය මාර්තු 18 වැනිදා පැවැත්වීමට නියමිතය. ඉන් අනතුරුව යෝජනා සියල්ල සැලකිල්ලට ගෙන කොමිෂන් සභාවේ තීරණය ප්රකාශයට පත්කිරීමට කටයුතු කරනු ඇත.
වලංගු ගාස්තු සංශෝධනයක් නිසි කලට ඉදිරිපත් නොකිරීම හා කාර්තුවේ කෙටි කාලයක් සඳහා ගාස්තු සංශෝධනයක් ක්රියාවට නැඟීමෙන් ආර්ථිකයට ඇති විය හැකි අහිතකර බලපෑම් සලකා බැලීමෙන් අනතුරුව පළමු කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් ක්රියාත්මක නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම තීරණය කරන ලදි.
2026 දෙවැනි කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධන යෝජනාව 2026 පෙබරවාරි මස 13 වැනි දින හෝ ඊට පෙර ඉදිරිපත් කරන ලෙස ද කොමිෂන් සභාව විසින් ලංවිමට දන්වා තිබුණි. ලංකා විදුලි බල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සමාලෝචනය කිරීමෙන් අනතුරුව කෙටුම්පත් කළ උපදේශන පත්රිකාව http://www.pucsl.gov.lk වෙබ් අඩවියට පිවිස පරිශීලනය කළ හැකිය.
යෝජිත ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ලිඛිත අදහස් හා යෝජනා පහත ලිපිනයට හෝ මෙහි දී ඇති වෙතත් ආකාරයන් ඔස්සේ ඉදිරිපත් කළ හැකි බව දැනුම් දී ඇත. ‘2026 වර්ෂයේ දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීම’ සභාපති, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, 06 වැනි මහල, ලංකා බැංකු වෙළෙඳ කුලුන, 28, ශාන්ත මයිකල් පාර,
කොළඹ 03.
ෆැක්ස් – 011 2392641
වට්ස්ඇප් – 076 4271030
විදත් තැපෑල – This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
වෙබ් අඩවිය – www.pucsl.gov.lk
ෆේස්බුක් පිටුව – www.facebook.com/pucsl