හිටපු පොලිස් මාධ්ය ප්රකාශක ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබන බව වාර්තා වේ.
ආනයනික ඖෂධවල මිල 09% කින් නොව 21% කින් වැඩිවිය යුතු බව ඖෂධ ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් 09% ක මිල වැඩවීමක් අනුමත කළේ පසුගිය වසරේ මාර්තු 08 වැනිදා බවත් ඒ වනවිට ඇමරිකානු ඩොලරයක වටිනාකම තිබුණේ රුපියල් 198 ක් ලෙස බවත් පෙන්වා දෙන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ මේ වනවිට ඩොලරයක මිල 215 ක් දක්වා වැඩි වී ඇති බවයි. ඒ අනුව 21% මිල වැඩිවීමක් අවශ්ය බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.
Sri Lanka’s COVID-19 detections rose to 394,355 with 4,355 persons testing positive for COVID-19 yesterday. This is the second consecutive day where daily COVID-19 detections have exceeded 4,000.
Health officials on Sunday confirmed 194 COVID-19 deaths, which raised the country’s total COVID-19 death toll to 7,560.
ජංගම වෙළඳුන් හා පදික වෙළඳුන් වැනි ජනතාව අතර ගැවෙසන පුද්ගලයින්ට කොරෝනා මර්දන එන්නත් ලබා ගැනීම අනිවාර්ය කළ යුතුබව මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා යොදා ගැනෙන වානේ කම්බි හිගයක් වෙළඳපල තුළ දක්නට ඇතැයි ඉදිකිරීම් ක්ෂේත්රයේ නිරත පාර්ශව පවසනවා. උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් වානේ කම්බි මිල ද වෙළඳුන් ඉහළ දමා ඇති බවයි ඔවුන් පවසන්නේ.
ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව විසඳීමට අදාල යෝජනා ඉදිරිපත් කිරීම සඳහා පත්කළ ඇමති අනු කමිටුව ඊයේ කැබිනට් මණ්ඩලයට යෝජනා ඉදිරිපත් කර ගැටලුව විසඳනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටියද එය තවත් සතියකට කල්දමා ඇති බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසනවා. ඇමති අනු කමිටුව යෝජනා ඉදිරිපත් කර ඇතත් ඒ පිළිබඳව සලකා බැලීම තවත් සතියකින් කල්දමා ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ශ්රී ලංකාව විසින් මිලදී ගනු ලැබූ චීනයේ නිෂ්පාදිත තවත් සයිනොෆාම් කොරෝනා මර්දන එන්නත් මාත්රා ලක්ෂ 10 ක් අද අලුයම මෙරටට රැගෙනවිත් තිබෙනවා.
මෙරට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මාෆියාව පසුපස සිටින්නේ සෞඛ්ය අමාත්යාංශයේ ඉහළ වෛද්ය විශේෂඥයින් පිරිසක් බවත් ඔවුන් සෞඛ්ය මාර්ගෝපදේශ පවා සකස් කරගෙන ඇත්තේ රටේ අවශ්යතාව වෙනුවෙන් නොව ඔවුන්ට මුදල් ඉපයීම සඳහා බවත් වෛද්ය රසායනාගාර විද්යාඥ වෘත්තිකයින්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.
තරග තහනමකට ලක්ව සිටින කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක යන ක්රීඩකයින් විසින් ශ්රී ලංකා ක්රිකට් ආයතනයට හා ක්රීඩා අමාත්යංශයට අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.
Page 397 of 769