ලංකාවේ භාවිතා වන සියලු එන්නත් හොඳ මට්ටමේ ඒවා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන අතර හැකිතරම් කාර්ය මණ්ඩල යොදවා සියලුම ප්‍රදේශවලට එන්නත් ලබා දීම සිදුකළ යුතු බවත් එම සංගමය සඳහන් කරයි.
යොවුන් ඔලිම්පික් පදක්කම්ලාභී පාරමි වසන්ති මාරිස්ටෙලාගේ පියා ඉන්දීය මුහුදු සීමාවේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් ලැබී නැතැයි පවුලේ සාමාජිකයින් පවසනවා.
යේ දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1,914 දෙනෙකු හඳුනා ගෙන ඇතිබව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.
ලොවපුරා අධිවේගයෙන් පැතිර යන වෛරස ප්‍රභේද කිහිපයක් මේ වනවිට ශ්‍රී ලංකාවෙන් හමු වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී, ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා. මේ නිසා ඉතා අවදානම් තත්වයක් මතුවිය හැකි බවත්, අවදානම අවම කර ගැනීමට නම් සියලු දෙනාම ඉතා වගකීමෙන් කටයුතු කළයුතු බවත් ආචාර්යවරයා පෙන්වා දෙනවා.
The COVID-19 death toll in Sri Lanka climbed to 786 with 22 more deaths being confirmed by the Director-General of Health Services, the Government Information Department said.
මෙරටට පැමිණ ගාල්ලේ ගිංතොට ප්‍රධාන පෙලේ සංචාරක හෝටලයක නතරව සිටින ඉන්දිය ජාතික කාන්තාවන් දෙදෙනෙකුට සහ ඔවුන්ගේ දියණියන් තිදෙනකුට කොවිඩ් ආසාදිත වී තිබෙන බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කර තිබේ.
A Red alert on thundershowers accompanied by severe lightning has been issued for 14 districts, the Department of Meteorology said today.
තවත් කොවිඩ් මරණ 19ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
If the Government do not take suitable step to vaccinate all private bus employees and owners by end of this week, private bus operations will grind to a halt by next week, Lanka Private Bus Owners' Association (LPBOA) warned.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන මාලදිවයිනේදී නිරෝධායනයට යොමුව තිබෙනවා. අයී පී එල් ක්‍රිකට් තරගාවලිය අතරමග නවතා දැමීම හේතුවෙන් මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ සිටින ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩල සමාජිකයින් විශේෂ ගුවන් යානයකින් මාලදිවයින වෙත පිටත්කර හැරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් කළමනාකාරීත්වය පියවර ගත්තා.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 82 න් මතු කියැවෙන ග්‍රාම සේවා වසම් 19 හැර ඉතිරි ග්‍රාම සේවා වසම් 63 හුදෙකලාභාවයෙන් ඉවත් කෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නිවේදනය කරයි.
ශ්‍රී ලංකා වෛද්‍යය සභාව නියෝජනය කරමින් එහි සභාපති වෛද්‍යය පද්මා ගුණරත්න, රජයේ වෛද්‍යය නිළධාරින්ගේ සංගමය නියෝජනය කරමින් වෛද්‍යය අනුරුද්ධ පාදෙනිය, විශේෂඥ වෛද්‍යයවරුන්ගේ සංගමයේ සභාපති ලක් කුමාර ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකා වෛද්‍යය සභාවේ අන්තර් වෛද්‍යය විද්‍යාල කමිටුව නියෝජනය කරමින් එහි කැඳවුම්කාරිනි වෛද්‍යය තමාසී මකුලොලුව යන මහත්ම මහත්මීන්ගේ අත්සනින් යුතුව ජනාධිපති තුමා වෙත ලිපියක් යොමු කර ඇත. එය අප්‍රේල් මස 06 වන දින දාතමින් යුතුව යොමු කර ඇති බව වාර්තාවේ.
ලබන ජූලි මාසය වනවිට මෙරට පුද්ගලයින් මිලියන 3 කට පමණ කොවිඩ් එන්නත් ලබාදීමට දැන් හැකියාව පවතින බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා. නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ඔහු කියාටියේ එළඹෙන ජුලි මාසය වනවිට එන්නත් මාත්‍රා ලක්‍ෂ 9 ක් ලබාදීමට හැකි බව ෆයිසර් ආයතනය ඊයේ තහවුරු කළ බවයි.
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කොවිඩ් රෝගින් සදහා වෙන්කොට ඇති වාට්ටුවල ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් රෝගින් 04 දෙනෙකු මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසනවා. මේ අතර නිවෙස්වල මියගොස් සිටි පුද්ගලයින් තිදෙනෙකු මිය යාමෙන් පසුව කරණු ලැබු PCR පරික්ෂණවලදි ඔවුන්ට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බව අද දින තහවුරුවි ඇති බවද අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසනවා.
ගැබිනි මව්වරුන්ට කොරෝනා මර්දන එන්නත ලබා දීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සදහා සෞඛ්‍ය බලධාරීන් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ලබන සඳුදා වන විට මෙම තීරණය දැනුම් දීමට හැකිවනු ඇති බවයි ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ.
ඉන්දියාවේ සීඝ්‍රයෙන් පැතිර යන B.1.617 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු පළමුවරට මෙරටින් හඳුනා ගැනේ.
Page 397 of 713