Sunday, March 01, 2026
Follow Us
ව්‍යාජ ඔක්සි මීටර් වෙළඳපොළට

ව්‍යාජ ඔක්සි මීටර් පන්දහසට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට වෙළද පොළෙන් සොයාගත් බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා.

කොරෝනා රෝගීන්ගේ රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය මැනීම සදහා ඔක්සි මීටර් යොදා ගැනීමත් සමග එම උපකරණවලට ඇති ඉල්ලුමද මේ වනවිට ඉහළ ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් ඇතැම් පිරිස් ව්‍යාජ ලෙස ඔක්සි මීටර් අළෙවි කරන බවයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්‍ෂක, නීති බලගැන්වීම් අංශයේ අංශ ප්‍රධානී අමිත් පෙරේරා පැවසුවේ.

(Neth)