ඔක්සිමීටර් සදහා මේ දිනවල වෙළදපොළ තුළ වැඩි ඉල්ලුමක් පවතිනවා.
ප්‍රමිතියෙන් තොර ඔක්සිමීටර් බොහොමයක් වෙළදපොළ තුළ පවතින අතර නියමිත ප්‍රමිතියෙන් යුත් ඔක්සිමීටරයක් තෝරාගන්නේ කෙසේද යන්න පිළිබදව ද බොහෝදෙනා ගැටලුවකට මුහුණ පා සිටිනවා.
ඒ, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, ප්‍රමිතියෙන් තොර ඔක්සිමීටර් 5,000 කට අධික සංඛ්‍යාවක්
වෙළදපොළ තුලින් සොයාගැනීම හේතුවෙන්. කෙසේවෙතත් සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ ඔක්සිමීටරයක් ළග තිබූ පමණින් සිය සෞඛ්‍ය ආරක්ෂාව පිළිබද නිසි තහවුරුවක් සිදුකළ නොහැකි බවයි.
මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන.
ඔක්සිජන් ප්‍රතිශතය අඩු වීමට පෙර කොරෝනා රෝග ලක්ෂණ ඇතිවන අවස්ථාවේදීම රෝහල් ගතවීම සිදු කළහොත් ජීවිත අවදානමෙන් මිදිය හැකි බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.
(Neth)