Sunday, March 01, 2026
Follow Us
ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 4,561ක්

ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 4,561 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මේවනවිට මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන හාරලක්ෂ 16,961 ක් වනවා.

මේ අතර ඊයේ දිනයේදී මෙරටින් තවත් කොරෝනා මරණ 214 ක්ද වාර්තා වුණා.

එම සියලු මරණ ඉකුත් 26 වනදා සිදුව ඇති බවටයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබුණේ.

කොරෝනා වෛරසය ආසාදනය වී මේවනවිට මෙරට පුද්ගලයින් තුන් ලක්ෂ 53,191 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා.

(Neth)