Sunday, March 01, 2026
Follow Us
දිවයිනේ සෙසු ප්‍රදේශ වලත් ඇල්ෆා ප්‍රභේදය දුර්වල කරමින් ඩෙල්ටා ප්‍රභේදය

සුපර් ඩෙල්ටා කොරෝනා ගැන පරික්ෂණ වාර්තාව සතියකින්


මෙරට පැතිර යන්නේ සුපර් ඩෙල්ටා කොරෝනා වෛරස් ප්‍රභේදය දැයි සොයන පරික්ෂණ වාර්තාව සතියකින් නිකුත් කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පරික්ෂණ කණ්ඩායම පවසනවා.

එහි ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යායතනය ඊයේ එළි දැක්වූ ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳ සිදු කළ නවතම පරික්ෂණ වාර්තාවෙහි සඳහන් වුයේ කොළඹ නගරයේ සියයට සියයක ප්‍රතිශතයක්ම පැතිර යන්නේ ඩෙල්ටා ප්‍රභේදය බවයි.

එමෙන්ම, දිවයිනේ සෙසු ප්‍රදේශ වල ඇල්ෆා ප්‍රභේදය දුර්වල කරමින් ඩෙල්ටා ප්‍රභේදය පැතිර යම්න් පවතින බව ද අදාළ පරික්ෂණ වාර්තාව අනාවරණය කළා.

(Aruna)