Thursday, August 21, 2025
Follow Us
නව වීසා ගාස්තු මෙන්න

වීසා නැතුව ලංකාවේ හිටියොත් දඩය ඩොලර් 500යි


නව ආගමික හා විගමන රෙගුලාසි අනුව විදේශිකයින් සඳහා වීසා ගාස්තු හා දඩ මුදල් සංශෝධනය කර තිබේ.

අගෝස්තු මස 18 වනදා හඳුන්වාදුන් නව ආගමන හා විගමන රෙගුලාසි යටතේ එම සං‍ශෝධනය සිදුකර ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ශ්‍රී ලංකාව තුළ විසා නොමැතිව හෝ විසා කාලය ඉක්මවා රැඳී සිටින පුද්ගලයින්ගෙන් අදාළ වීසා ගාස්තුවට අමතරව අමෙරිකානු ඩොලර් 500ක දඩයක් අයකරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසීය.

අදාළ වීසා කාණ්ඩය යටතේ නව වීසා ලබාගැනීම සඳහා අමෙරිකානු ඩොලර් 40ත් 200ත් අතර මුදලක් අයකරන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

(Neth)