දැන් හෝ මෝඩ උද්දච්චකම පැත්තකින් තබා රට පත්වහ තිබෙන ව්‍යසනකාරී තත්ත්වයෙන් ගොඩ ගැනීමට රටේ ජාතික ව්‍යසනකාරී තත්ත්වයක් ප්‍රකාශයට පත්කරන ලෙස ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අවධාරණය කළේය.
රටේ ජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිපදින්නේ නම් ඇඳිරි නීතිය දැමීමට අවශ්‍ය නොවන අතර එසේ නම් වැඩිවශයෙන් රෝගය බෝවන්නේ සෞඛ්‍ය අංශවලට වන හෙයින් ඔවුන්ටත් ඇඳිරි නීතිය දැමිය යුතු වන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේය.
පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා අද දිනයේ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා. පාර්ලිමේන්තුවේ අංශ කිහිපයක නිලධාරීන් කොරෝනා ආසාදිතයින් ලෙස හදුනා ගැනීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සෞඛ්‍යාරක්ෂිතව සිදු කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙණු ඇති.
While stressing the need to consider the recommendations and predictions of the local medical specialists and foreign experts on the pandemic situation in the country, former President Maithripala Sirisena said today the government should be flexible in making decisions and act during this pandemic crisis.
පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස් වනවා. කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් අද දිනයට පමණක් සීමා කිරීමටයි ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කෙරුණේ. ඒ අනුව කොරෝනා වෛරස තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පත අද දිනයේදී විවාදයට ගෙන සම්මත කර ගැනීමට නියමිතව තිබෙනවා.
වෛද්‍ය විශේෂඥයින්ගේ මතය ඉවත දමමින් හිතුවක්කාරී ලෙස කටයුතු කිරීමේ ආදීනව අද මුළු රටම භුක්ති විඳිමින් සිටින බවත්, එළඹෙන වර්ෂයේත් ලංකාව ඉදිරියේ තිබෙන බිහිසුණු තත්ත්වය අවබෝධ කොටගෙන ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් සියලු දෙනා එකට එකතු විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ ජනතාව වෙනුවෙන් පෙනී සිටිය යුතු පාලකයින් මේ මොහොතේ හිතක් පපුවක් නොමැති අයුරින් කටයුතු කරමින් සිටින බවයි.
මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් හෙට දිනයට පමණක් සීමා කිරීමට තීරණය කර තිබෙනවා. අද පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.
බොහෝ කලකට පසු රවී කරුණානායක මහතා, එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට සහභාගි වී දැඩි විවේචනයක් එල්ල කර තිබෙන බවය සිරිකොත ආරංචි මාර්ග පෙන්වා දෙනවා. මහ බැංකු හොරකම ගැන තමාට, රනිල් වික්‍රමසිංහ මහතාට සහ අර්ජුන් ඇලෝසියස්ට චෝදනා කරන පුද්ගලයන් එවකට විෂයභාර ඇමතිව සිටි කබීර් හෂීම් මහතා ගැන කිසිවක් කතා කරන්නේ නැති බව එහිදී කරුණානායක මහතා ප්‍රකාශ කොට තිබෙන්නේ.
Samagi Jana Balawegaya (SJB) Dr. Rajitha Senaratne said prioritisation of national economic development in line with the neo-liberal model at the cost of human lives would not bode well for Sri Lanka.
Former MP Mangala Samaraweera is presently under intensive care after he was hospitalized with the COVID-19 virus.
සිදුකළ කැබිනට් සංශෝධනය ඉඟුරු දීලා මිරිස් ගත්තා වැනි ක්‍රියාවක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. කොරෝනා වසංගතය මර්දනය කිරීමට අපොහොසත් වූ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කර ඒ වෙනුවට, වසංගත මර්දනය දෙවියන්ට බාර කරන බව ප්‍රසිද්ධියේ පැවසූ කෙහෙළිය රඹුක්වැල්ල මහතා එම අමාත්‍ය ධුරයට පත් කිරීම විහිළුවක් බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.
President Gotabhaya Rajapaksa has decided to change the subject matter of four cabinet ministers as a Cabinet reshuffle is expected to take place on Tuesday (17), reports say.
කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් අසාධ්‍ය තත්වයේ පසුවන මංගල සමරවීර මහතා මේ වනවිට ලංකා හොස්පිට්ල්හි දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.
කැබිනට් මණ්ඩල සංශෝධනය අද (16) දිනයේදී සිදුකිරීමට නියමිතව ඇති බව තහවුරු නොකළ ආරංචිමාර්ග පවසයි.
පවතින කොවිඩ් තත්වය හමුවේ පාර්ලිමේන්තුවේ කටයුතු සිදුකෙරෙන ආකාරය පිළිබඳ හෙට (16) පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී තීරණය කෙරෙනු ඇති බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.
Page 258 of 552