Tuesday, February 10, 2026
Follow Us
රටටම එපා වුනු බද්දක් ආපහු එයි

තියෙන බදු මදිවට 2022 සිට එන අලුත්ම බද්ද මෙන්න


නිවාස වල ඇතිකරන සුනඛයින්ට බද්දක් හඳුන්වාදීම හා නගර සභාව මගින් අය කරන සියලු බදු වැඩිකිරීමට දඹුල්ල මහ නගර සභාවෙන් යෝජනාවක් ගෙනවිත් තිබේ.

ඒ අනුව 2022 වසරේ සිට දඹුල්ල දඹුල්ල මහ නගර සභා සීමාවේ ග්‍රාම සේවා වසම් 13 තුළ ජීවත්වෙන සියලුම නිවෙස් වල ඇති කරනු ලබන සුරතල් බල්ලන් සහ බැල්ලියන් සඳහා බදු මුදලක් අය කිරීමට නියමිතයි.
එය ජනවාරි 31 දා සිට අනිවාර්යෙන් ගෙවිය යුතු බවට වන යෝජනාවක් මේ අනුව ගෙන ඒමට නියමිතව තිබේ.

දඹුල්ල මහනගර සභාවේ මහා සභා රැස්වීම පැවැත්වෙන අද දිනයේ දී එම යෝජනාවක් සිදු කිරීමට අදහස් කරන බව දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත මහතා විසින් නාගරික මන්ත්‍රීවරුන් වෙත පත්‍රිකාවක් මගින් දන්වා තිබේ.

image d5ff40ece5

image e7416c46fc

(Aruna)