Tuesday, February 10, 2026
Follow Us
70 වැනි සංවත්සරය සමරන ශ්‍රීලනිපයේ අනාගතය - CBK

වැඩිම කාලයක් රට පාලනය කළ, රටට වැඩිම සේවයක් සිදුකළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වර්තමානයේදී පත්ව ඇති ඉරණම පිළිබඳව අතිශය කණගාටුවට පත්වන බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.

තමාගෙන් පසුව ශ්‍රීලනිප නායකත්වයට පත් වූ පුද්ගලයන් දෙදෙනාම පක්ෂය අඳුරු අගාධය කරා ගෙනයාමට කටයුතු කළ බවත්, පක්ෂයට අත්ව ඇති වත්මන් ඉරණමට ඔවුන් දෙදෙනාම වගකිව යුතු බවත් ඇය පවසනවා.

කෙසේ නමුත් බණ්ඩානායකලාගේ ලෙයින් කඳුළින් ශක්තිමත් වූ ශ්‍රීලනිපය අනාගතයේදී ශක්තිමත්ව නැගී සිටිනු ඇති බවත්, ඒ වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් සිදු කිරීමට තමා සූදානම් බවත් හිටපු ජනාධිපතිනිය අවධාරණය කරනවා.

(LNW)