Tuesday, February 10, 2026
Follow Us
හිටපු ජනාධිපති මෛත්‍රීපාලගෙන් පොරොන්දුවක්

රට හමුවේ ඇති ප්‍රබල අභියෝග දෙකක් ජය ගැනීමට ආණ්ඩුවට සහාය ලබාදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පවසනවා.

පක්‍ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ ආර්ථික අභියෝගය ජය ගැනීමට සහ කොරෝනා වෛරසය මෙරටින් තුරන් කිරීම සදහා ආණ්ඩුවට සිය පක්‍ෂයේ සහාය ලබාදෙන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සංවත්සරය වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පක්‍ෂයේ සාමාජිකයන් පිරිසක් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැදපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ මෙම අදහස් පළ කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 70 වන සංවත්සරය ඉකුත් දෙවනදා සමරනු ලැබුවා. රට තුළ පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ එය සමරනු ලැබුවේ අන්තර්ජාලය ඔස්සේයි.

(Neth)