Tuesday, February 10, 2026
Follow Us
සමීප මිතුරිය දැලිපිහියෙන් මන්ත්‍රීගේ නහය කපයි

සමීප ඇසුර සනීප නොවුනු හැටි


දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට කාන්තාවක් විසින් දැලි පිහියකින් කළ පහරදීමක් සිදුකර තිබේ.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඒ මහතා මේ වන විට දැරණියගල රෝහලට ඇතුලත්කර ඇත.

පොලීසිය පැවසුවේ දැරණියගල ප්‍රදේශයේ වෙළෙදසලක් අසලදී එම ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ගමන් ගත් රථය වෙළද සැල අසල නතරකළ අවස්ථාවේදී එම ස්ථානයට ඔහුගේ සමීපතම ආධාරකාරියක් වන එම කාන්තාව පැමිණ තිබේ.

කතාබහ අතරතුර එම කාන්තාව සභාපතිවරයාට දැලි පිහියකින් ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ දරා ඇත.

එය වැළැක්වීමට සභාපතිවරයා උත්සාහ ගත්තද, ඔහුගේ නාසය දැලි පිහියෙන් කැපී තුවාල සිදුවූ බව පොලීසිය පැවසීය.

ප්‍රහාරය එල්ල කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සීතාවක කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් විමර්ශන ආරම්භ කර තිබේ.

(Aruna)