Tuesday, February 10, 2026
Follow Us
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොවිඩ් පරීක්ෂාවක්

සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොවිඩ් පරීක්ෂාවක් අද(06) දිනයේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදුකිරීමට තීරණය කර තිබේ.

පාර්ලිමේන්තුවේ සේවකයින්ට සහ පාර්ලිමේන්තු සැසිවාරය ආවරණය කරන මාධ්‍යවේදීන්ටද ඊට එක්විය හැකි බව පාර්ලිමේන්තුවේ ප්‍රධාන වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කරයි.

මෙම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී උදේ 9.30 සිට දහවල් 12.30 දක්වා පැවැත්වෙනු ඇත.

අද සහ හෙට පාර්ලිමේන්තු සැසිවාරයන් පැවැත්වෙන අතර, ඊට සමගාමීව මෙම කොවිඩ් පරීක්ෂාවන් සිදු කරනු ලබයි

(Aruna)