Tuesday, February 10, 2026
Follow Us
කොරෝනාවෙන් මියගිය සහ පීඩාවට පත් අය වෙනුවෙන් සජිත් ප්‍රමුඛ විපක්ෂය ප්‍රාර්ථනාවේ පහන් දල්වයි

කොරෝනා ව්‍යසන පීඩාවේ අන්ධකාරය මකා ආලෝකය එක් කිරීම උදෙසා "පහනක් දල්වා කරනු ලැබූ ප්‍රාර්ථනාව" විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේ දී ඊයේ (3) සවස 6.06ට පැවැත්විණි. ඊට සමගාමිව රටපුරා "ප්‍රාර්ථනාවේ" පහන් දැල්වීම සිදුවිය.

කොරෝනා ව්‍යසනයෙන් මියගිය ජනතාව සිහිපත් කිරීම උදෙසාද, කොරෝනා උවදුරින් පීඩා විඳින සියලු දෙනාට ආශිර්වාදය එක් කිරීම උදෙසාද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස සමගි ජන බලවේගය විසින් "ප්‍රාර්ථනාව පහන් දැල්වීම" සංවිධානය කරනු ලැබීය.

(LNW)