Monday, April 06, 2026
Follow Us
Political

සමගි ජන බලවේගය නියෝජ්‍ය කතානායක ධූරය සඳහා නමක් යෝජනා කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉල්ලීමකට බව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම පවසනවා. 05 පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

Political

මේ ජනාධිපති හෝ අගමැති යටතේ රට ගොඩනගන්න බැරි බවත් මේ යන්නේ ආලෝකය වෙනුවට අන්දකාරය වෙත බවත් එබැවින්, අලුත් ආණ්ඩුවක් හදන්න ජනතාවට ඉඩ දෙන්න යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Political

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය තනතුරින් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බවට පැතිර යන පුවත් සම්පූර්ණයෙන් අසත්‍ය බව දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

Political

ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමෙන් යෝජනා දෙකක්

Political

නියෝජ්‍ය කතානායක ධුරය සදහා මන්ත්‍රීවරයෙකු පත් කිරීම අද දිනයේ සිදුවනවා. මීට පෙර ප්‍රකාශ කෙරුණේ ඊයේ දිනයේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ පළමු කාර්යය ලෙස නියෝජ්‍ය කතානායක ධුරය සදහා මන්ත්‍රීවරයෙකු පත්කර ගනු ඇති බවයි. කෙසේවෙතත් ඊයේ පැවති පක්‍ෂ නායක රැස්වීමේදී තීරණය කෙරුණේ නියෝජ්‍ය කතානායක ධුරය සදහා ඡන්ද විමසීමක් අද දිනයේ පැවැත්වෙන බවයි.

Political

ජනාධිපතිවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවට සිය පක්ෂය සහය නොදක්වන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා. ආණ්ඩුවේ ස්වාධීනවූ පක්ෂ 11හේ නායකයින් ඊයේ කොළඹ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා.

Political

ඒ 10,000 වැඩි කළ නිසා තමයි අදත් මිනිස්සු ජීවත් වෙන්නේ

Political

අග්‍රාමාත්‍යවරයා ඉවත් වන තුරු ජාතික ආණ්ඩුව බිහිනොවන බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. මේ හේතුවෙන් රට තවත් අරාජික වන බවයි එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීර නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ. රට ගොඩගැනීමට නම් ජනතාවගේ ඉල්ලීම අනුව අග්‍රාමාත්‍යවරයා මෙන්ම කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්විය යුතු බව මන්ත්‍රීවරයා පැවසුවා.

Political

අනුරගේ චෝදනාවට යෝෂිතගෙන් ප්‍රතිචාර

Political

පාර්ලිමේන්තුව අවට වුන දේ

Political

“රට වනසපු හොරු වළල්ල - තොග පිටින් හෙළිදරව්ව” මැයෙන් දේශපාලනඥයින් සම්බන්ධයෙන් තමන් හෙළි කළ සියලු කරුණු සත්‍ය බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

Political

මෙරට දේශපාලනඥයින් හා ඔවුන්ට සම්බන්ධ පිරිස් සිදුකළ මහා පරිමාණ මූල්‍ය වංචා ජාත්‍යන්තර අධිකරණවලදී පවා ඔප්පුවෙමින් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසනවා.

Political

පොදුජන පෙරමුණේ කණ්ඩායම් රැස්වීමක්

Political

ඉදිරියේ දී වෙන දෙයක් ගැන රනිල් හෙළි කරයි

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍ය ධූරයෙන් ඉවත් වීම රංගනයක් පමණක් බව සමගි ජනබලවේගය පවසනවා.

Political

සමගි ජන බලවේගය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට සහාය දීමට නම් එම විශ්වාසභංගයෙන් පසුව රට ඉදිරියට ගෙනයෑම සඳහා අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ඔවුන් එකඟවිය යුතු බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

Political

ඉදිරියේදී පිහිටුවීමට නියමිත අන්තර්වාර ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුර සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ද ඉදිරිපත් වී ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

Political

පවතින ආර්ථික හා දේශපාලන අර්බුද මධ්‍යයේ තීරණාත්මක පාර්ලිමේන්තු රැස්වීමක් අද පැවැත්වෙනවා. පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වීමට නියමිතව ඇත්තේ උදෑසන 10 ටයි. එහිදී පළමුව නියෝජ්‍ය කථානායකවරයෙකු තෝරා පත් කර ගැනීමට සිදුව තිබෙනවා. ඒ, නියෝජ්‍ය කථානායක ධූරය දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය එම තනතුරෙන් ඉල්ලා අස්වීම හේතුවෙන්.