නිශ්චිත ගනුදෙනු 8ක් සිදු කිරීමේදී වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ සහතිකය (TIN Certificate) ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමේ තීරණය 2027 අප්‍රේල් 01 වැනිදා දක්වා කල් දමන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙය 2026 නොවැම්බර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ අතර TIN සහතික සඳහා පවතින ඉහළ ඉල්ලුම සැලකිල්ලට ගනිමින් සහ මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව මෙසේ කාලය දීර්ඝ කර ඇත. කල් දමන ලද කාලසීමාව තුළ දැනටමත් TIN අංක ලබාගැනීම සඳහා ලියාපදිංචි වී ඇති පුද්ගලයන්ට TIN සහතික ලබාගැනීම පහසු කිරීම සඳහා විකල්ප ක්‍රමවේද හඳුන්වා දීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු සිදුකරමින් පවතියි.
එමෙන්ම, මෙතෙක් TIN අංකයක් ලබාගෙන නොමැති පුද්ගලයන්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මාර්ගගත ඊ-සේවා (e-Services) ඔස්සේ ලියාපදිංචි වන ලෙස ද දැනුම් දෙයි