Wednesday, February 04, 2026
Follow Us
සජබ මන්ත්‍රීවරුන් ගේ විශේෂ රැස්වීමක් අද

සමගි ජන බලවේගයේ විශේෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද පැවැත්වෙනවා. නියෝජ්‍ය කථානායක ධූරය සදහා සමගි ජන බලවේගයෙන් නම් දෙකක් යෝජනා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් මෙහිදී අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සදහන් කළේ.

නියෝජ්‍ය කථානායක ධූරය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉමිතියාස් බාකීර් මාකර්ගේ සහ රෝහිණී කවිරත්නගේ නම් මේ වන විට යෝජනා වී තිබෙනවා.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අප්‍රසාදය පල කිරීමේ යෝජනාව සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කළේ.

(Neth)