Wednesday, February 04, 2026
Follow Us
අලි පස් දෙනෙක් පොහොට්ටු ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ?

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරිපෙළ නායකයින් පස් දෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් පත්කර ගැනීම සඳහා සූදානමක් පවතින බව ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් මේ වනවිට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් පස් දෙනෙකු ඉවත් කර ඒ වෙනුවට එජාප නියෝජිතයින් පත්කිරීමට යෝජනා වී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍යවරයා වශයෙන් පාර්ලිමේන්තුව තුළ තනිව කටයුතු කළ නොහැකි නිසාත් කැබිනට් මණ්ඩලය තුළ ඔහුගේ ශක්තිමත් නියෝජනයක් පැවතිය යුතු නිසාත් මෙසේ කටයුතු කිරීමට යෝජනා වී ඇති බව සඳහන්.

මීට මාස ගණනකට පෙර සිට පැවති ජාතික ආණ්ඩු සාකච්ඡාවේදී ද මෙම යෝජනාව ඉදිරිපත්ව තිබුණු බව ලංකා නිව්ස් වෙබ් අපි එකලම වාර්තා කර සිටියෙමු.

(LNW)