Wednesday, February 04, 2026
Follow Us
 ජොන්ස්ටන් ඇතුළු මන්ත්‍රීවරු 4ක් අත්අඩංගුවට ගන්න උපදෙස්

හැකි ඉක්මනින් අත්අඩංගුවට ගන්න – නීතිපති දෙපාර්තමේන්තුව


මැයි 09 වනදා අරලියගහ මන්දිරය ඉදිරිපිටදී සහ ගාලු මුවදොර දී අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි ඇත්නම් මෙතෙක් හඳුනාගෙන ඇති සැකකරුවන් 22ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිපියක් මඟින් දන්වා තිබේ.

එම සැකකරුවන් අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, මිලාන් ජයතිලක, සංජීව එදිරිමාන්න, සනත් නිශාන්ත සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් යන අයගේ ද නම් සඳහන් කර තිබුණි.

එම සැකකරුවන් 22 සම්බන්ධයෙන් ඝෘජු, අවස්ථානුකූල සහ තාක්ෂණික සාක්ෂි ඇත්නම් ඔවුන්ව හැකි ඉක්මනින් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

(Aruna)