Wednesday, February 04, 2026
Follow Us
අගමැති රනිල් සහ හිටපු ජනපති මෛත්‍රී අතර හමුවක් අද

කරුණු දෙකක් සම්බන්ධයෙන් සාකච්ඡාවක්


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබේ.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සහ අමාත්‍ය ධුර සම්බන්ධයෙන් නායකයින් දෙපල එම හමුවේදී සාකච්ඡා කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඇතුළු කිහිපදෙනෙකු ඊයේ (16) දිනයේදී අග්‍රාමාත්‍යවරයා හමුවී සාකච්ඡා පැවැත්විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට සහය දෙන ආකාරය අග්‍රාමාත්‍යවරයා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර හමුවෙන් පසුව තීරණය කිරීමටයි එහිදී සාකච්ඡා වී ඇත.

(Aruna)