අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද දිනයේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සිය ධුරයෙන් ඉවත්වීමට නියමිත බව වාර්තා වනවා. ඒ අනුව නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළ යුතු මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ නම් විවිධ පාර්ශව මේ වනවිටත් යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ.
සමඟි ජන බලවේගය විසින් කථානායකවරයා වෙත ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාවට සහය දීමට ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ.
වත්මන් අර්බුදයට විසදුමක් සෙවීමට උත්සහයක් හෝ දරන්නේ මුදල් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි පමණක් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.
මහා සංඝරත්නය ඇතුළු සියලු ආගමික නායකයන්, සිවිල් සමාජය, පොදු ජනතාව ඉතා දැඩි ලෙස බලපෑම් කරද්දීත් ඊට කන් නොදී වත්මන් රජය අත්තනෝමතික ලෙස බලයේ එල්ලී සිටීම මම ඉතා දැඩි ලෙස පිළිකුල් සහගතව හෙළාදකින බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පවසයි.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිට මේ වන විට විරෝධතාවයක් පැවැත්වෙනවා.
වත්මන් අර්බුද සියල්ලටම වගකිව යුතු ප්‍රධාන පුද්ගලයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා පවසනවා. ඒ නිසා රාජපක්ෂ මහතා ජනාධිපති පුටුවේ සිටින තාක් බිහිකරන සර්ව පාක්ෂික හෝ අන්තර්කාලීන හෝ කිසිදු ආණ්ඩුවකින් ජනතා බලාපොරොත්තු ඉටුකළ නොහැකි බවයි දිසානායක මහතා සඳහන් කරන්නේ.
සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජනබලවේගයෙන් සහ ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලීමක් කරනවා.
අග්‍රාමාත්‍යධූරය භාරගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන්නේ නම් රජයේ වගකීම භාරගැනීමට විපක්ෂය සූදානම් වියයුතු යැයි තමන් අවධාරණය කරන බවත් ඒ වගකීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබේ නම් රාජපක්ෂවරුන් නොමැති ආණ්ඩුවක වගකීම භාරගැනීමට තමන් සූදානම් බවත් 43 වන සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක මහතා පවසයි.
පාර්ලිමේන්තුව තුළ ස්වාධීන ලෙස පෙන්වමින් ජනතාව ඇන්දවීමට කටයුතු කළ කාගේ කාගේත් පැටිකිරිය නියෝජ්‍ය කථානායක ඡන්ද විමසීමේදී හෙළිදරව් වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
රට තුළ මේ වනවිට ඉතිරිව ඇත්තේ ඩොලර් මිලියන 25කට අඩු සංචිත මුදලක් බවත් රජය විසින් බදු අඩු කිරීම හේතුවෙන් රටට අහිමි වූ මුදල රු. බිලියන 800 ක් බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කර සිටිනවා.
වත්මන් රජය බලයට පත් වූ විගස, රජයේ ආදායම ගැන තැකීමක් නොකර විශාල ලෙස බදු සහන ලබා දුන්නේ දේශීය ව්‍යාපාරිකයන්, ව්‍යවසායකයන් දිරිමත් කිරීම සඳහා බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. කෙසේ නමුත් එය ඉතා බරපතල වැරදි තීරණයක් බව දැන් පිළිගන්නා බවයි රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ.
විපක්ෂයේ එකමුතු බලවේගයක් නිර්මාණය කිරීම තම කණ්ඩායමේ අරමුණ වුවත් විපක්ෂය එම අවස්ථාවෙන් ප්‍රයෝජන නොගැනීම තම බලවත් කණගාටුවට කරුණක් බව නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
Page 168 of 553