කලාපීය ආරක්ෂාව සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම පිළිබඳව ඉරානයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ අමාත්‍යවරුන් අතර විශේෂ දුරකථන සාකච්ඡාවක් පවත්වා තිබෙන බව වාර්තා වෙයි.
ඒ අනුව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් සයිඩ් අල් නහියන් අතර මෙම සාකච්ඡාව සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
ඊයේ (05) පැවති දුරකථන සංවාදයේදී කලාපයේ නවතම වර්ධනයන් සහ පවතින අර්බුදකාරී තත්ත්වය සමනය කිරීම සඳහා ගත හැකි රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග පිළිබඳව දෙපාර්ශ්වය අදහස් හුවමාරු කරගෙන ඇත .
ඉරාන විදේශ අමාත්‍යවරයා සිය ටෙලිග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇති අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල පුවත් ඒජන්සිය වන WAM වාර්තා කර ඇත්තේ ගැටුම් අවම කිරීමේ සහ කලාපීය ස්ථාවරත්වය තහවුරු කිරීමේ වැදගත්කම ෂෙයික් අබ්දුල්ලා අවධාරණය කළ බවයි.
ඉරානයට එරෙහිව අමෙරිකානු හමුදා ප්‍රහාරයක් එල්ල විය හැකි බවට පවතින අවධානය මධ්‍යයේ මෙම සාකච්ඡාව සිදුවීම විශේෂත්වයකි .
කලාපයේ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ සාකච්ඡා තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව මෙම සාකච්ඡාවලින් අවධාරණය වනු ඇත.