Wednesday, February 04, 2026
Follow Us
මන්ත්‍රීවරුන් බිලිබා ගන්නා මෙහෙයුමට සජබ මන්ත්‍රීවරු හසුවන්නේ නෑ – විපක්ෂ නායක සජිත්

විවිධ දෙස් විදෙස් කණ්ඩායම් සමග මේ වන විට මන්ත්‍රීවරුන් මුදලට බිලිබා ගැනීමේ මෙහෙයුමක් ආණ්ඩු පාර්ශ්වය ආරම්භ කොට ඇතැයි ද, ඒ මෙහෙයුම් වලට සමගි ජන බලවේගයේ කිසිදු මන්ත්‍රීවරයෙක් හසු නොවන්නේයැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (15) විපක්ෂ නායක කාර්යාලයේ දී පැවසීය.

සමස්ත රටම බරපතළ ලෙස කඩා වැටී ඇති මොහොතක ආණ්ඩුව සිදු කළ යුත්තේ රට ගොඩනැඟීම වුවත් මේ මොහොතේ සිදු කරමින් සිටින්නේ විවිධ පක්ෂවල දේශපාලනඥයින් බිලිබා ගැනීමේ මෙහෙයුම බවයි ඒ මහතා සඳහන් කළේ.

රට ගැන හැඟීමක් තිබෙනවා නම් ආණ්ඩුව කළ යුතුවන්නේ මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමට ඩොලර් වෙන් කරනවා වෙනුවට රටේ ජනතාවගේ අත්‍යාවශ්‍ය දෑ වෙනුවෙන් ඒ මුදල් වෙන් කිරීම බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ.

(LNW)