Friday, January 30, 2026
Follow Us
සජබේ ආණමඩුවේ සංවිධායක අශෝක බීල ගිහින් මැනේජර්ට ගහලා

තමාට පහරදුන් බව කියමින් සමගි ජන බලවේගයේ ආණමඩුව ප්‍රධාන සංවිධායක ගාමිණී වඩිගමන්ගාව මහතාට එරෙහිව එම ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක කළමනාකරුවකු පොලිසියට පැමිණිලි කර ඇතැයි වාර්තා වේ.

පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ මෙම සිද්ධිය සිදුව ඇති අතර සිද්ධිය වූ අවස්ථාවේ සංවිධායකවරයා බීමතින් සිට ඇතැයි ද පොලිසිය කියයි.

බීමතින් සිටි සංවිධායකවරයා වෙළඳසැලට ඇතුළු වී තමාට පහරදුන්නේ යැයි එම සුපිරි වෙළඳසැල් කළමනාකරු පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

Mirror