Friday, January 30, 2026
Follow Us
රන්ජන් යළි අමෙරිකාව බලා පිටත්ව යයි

සිය ගුවන් ගමන් තහනම අධිකරණය මගින් ඉවත් කර ගැනීමෙන් අනතුරුව රන්ජන් රාමනායක අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ඇමෙරිකාව බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු සඳහන් කර සිටියා.

අද දින අලුයම 03.50 ට කටාර් රාජ්‍යයේ දෝහා වෙත , කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 663 දරන ගුවන් යානයෙන් ඔහු පළමුවෙන්ම පිටත්ව ගොස් තිබේ .

එතැන් සිට ඔහු වෙනත් ගුවන් යානයකින් ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිතයි.

ඔහු ඇමෙරිකාවේ ප්‍රසංග 10 කට පමණ සහ කැනඩාවේ ප්‍රසංග 05 කට පමණ සහභාගී වීමට නියමිතයි.

රන්ජන් රාමනායක පසුගිය බ්‍රහස්පතින්දා දින රාත්‍රීයේ දී ඇමෙරිකාව බලා පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණිය ද , ඔහු වෙත අධිකරණය මගින් පනවා තිබූ ගුවන් ගමන් තහනම නිසා එම ගමන ව්‍යයර්ථ වුවා.

Neth