Friday, January 30, 2026
Follow Us
ආර්ථීකේ ගැන නාමල් කතා කරයි

බදු ගැන රනිල් නාමල් සාකච්ඡාවකට සූදානමක්


රටේ දේශපාලන ස්ථාවරත්වය හා ආර්ථික ස්ථාවරත්වය ඇතිකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහට පොදුජන පෙරමුණ පුර්ණ සහයෝගය ලබාදෙන බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ තඹුත්තේගම දි පැවසීය.

කලාවැව මැතිවරණ කොට්ඨාශයේ ක්‍රියාකාරීන්ගේ හමුවකින් අනතුරුව මාධ්‍ය කළ විමසීමකදී මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

“ජනතාව ගැන හිතලා ජනතාව වෙනුවෙන් ගන්නා තීන්දු වෙනුවෙන් පක්ෂයක් විදියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග කතාකරලා අපේ මතය ප්‍රකාශ කරනවා. විශේෂයෙන් බදු සම්බන්ධව වගේම අනෙකුත් කාරණාවලදී පක්ෂයක් විදියට එතුමා එක්ක සාකච්ජා කරනවා.

පොදුජන පෙරමුණේ කිසිම බෙදීමක් නැහැ. අපේ පක්ෂය තුළ අදහස් දක්වන්න නිදහසක් තියෙනවා. අපි සන්ධානගත වෙලා තියෙන පක්ෂයක්. අපේ සහෝදර පක්ෂ තියෙනවා. ඒ අය එක්ක සාකච්ජා කරලා ජනාධිපතිතුමා එක්ක සාකච්ජා කරලා ඉදිරියට යනවා.”

Aruna