ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මතයට එරෙහිව යමින් ආණ්ඩුවට එක්වූ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය,නිමල් සිරිපාලද සිල්වා මහතා ඇතුළු පිරිසේ ශ්‍රීලනිප සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙන බව පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේය.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වෙළඳපොලින් තෙල් මිලදී ගැනීමේදී ජාත්‍යන්තර මිල නිර්ණායකයක් වන “සිංගප්පූරු අගයට එකතු කළ අගය” කිසි දිනක ඇමරිකානු ඩොලර් 04 ඉක්මවා නැති බවත්, ගතවූ මාස කිහිපය තුළ තෙල් මිලදී ගැනීමේදී ඉතිහාසයේ පළමු වරට සිංගප්පූරු අගයට එකතු කළ අගය ඇමරිකානු ඩොලර් 30 වී ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
රට නිවැරැදි ගමනක් කරා ගෙන යාමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී විසදුම් 6ක් ඉදිරිපත් කරන ලදී. තොරතුරු සාක්ෂි සහ දත්ත නිවැරැදි ලෙස සභාගත කරමින් එම විසදුම් ඉදිරිපත් කරන ලදී.
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා. ඒ, මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කළ මෝසමක් කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ හමුවේ සලකා බැලීමෙන් අනතුරුවයි.
හිටපු අමාත්‍ය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අද දින අළුයම (20) දිවයිනට යළි පැමිණ ඇති බව වාර්තා වේ.
අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ, හත්වන දිනටත් අයවැය දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමෙන් අනතුරුවයි.
යෝජිත අමාත්‍ය මණ්ඩල පත් කිරීම් සම්බන්ධ අවසන් තීන්දුව ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් ඉදිරි දින කිහිපය තුළදී පැවැත්වෙනු ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.
සමාජ මාධ්‍ය හරහා තම පක්ෂයට මඩ ප්‍රහාර දියත්කරන අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසයි.
අයවැය කතාව නරඹන්න පාසල් දූ දරුවන් පැමිණි සිටි අවස්ථාවේ අයවැය කතාවෙන් ඔවුන් ඇතුලු 43 ලක්ෂයක් වූ පාසල් සිසු දරුවන්ගේ අපේක්ෂාවන් සුනුවිසුනු කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. දරුවන් විශ්වාස කළේ ශක්තිමත් අනාගතයක් ඇති කිරීම සඳහා රටේ පාලකයන් දිරිය ශක්තිය ලබා දෙනු ඇති බවත්, තමන්ට දිවා ආහාරය ලබා දීමට මුදල් වෙන් කරනු ඇති බවත් වුවද එය එසේ සිදු නොවූ බවත් මේ වන විට පාසල් බෑග්, කවකටු පෙට්ටි ඇතුළු සියලුම පාසල් දූ දරුවන්ට අවශ්‍ය භාණ්ඩ මිල ඉහළ ගොස් ඇති අවස්ථාවක ඔවුන්ගේ අනාගතය ගැන නොසිතා මේ රට පාලනය කරන ආර්ථික ඝාතක ජන ඝාතක සහ රට ඝාතනයට ලක් කළ කොට්ඨාසය විසින් ඇමති වරදාන වරප්‍රසාද ලබා ගනිමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා ආගමන විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු සඳහන් අයදුම්පතක් යොමුකිරීම තුළින් ආගමන හා විගමන පනත යටතේ වරදක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ හෙවත් ශීර්ෂා උදයන්ති මහත්මියට එරෙහිව ගොනු කර ඇති නඩුවක් ඊයේ (18) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබිණි.
රාජපක්ෂවරුන් සහ තමන් අතර ගැටුම් ඇතිවූ ආකාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (19) ආන්දෝලනාත්මක අනාවරණයක් සිදුකළේය.
ශ්‍රී ලංකා මහබැංකුව විසින් බැංකු පොළී අනුපාත ඉහළ නැංවීම බරපතළ ගැටලුවක් බවට පත්ව ඇති බවත් මහබැංකුවට එවන් තීන්දු තීරණ ගැනීමේ බලයක් නොමැති බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.
ජනතාව අදටත් දුක්විදින්නේ මහින්ද රාජපක්ෂ සහ රාජපක්ෂ පවුල හොරු ලෙස හංවඩු ගසා 2015 බලයෙන් පහකිරීමේ ප්‍රතිඵලයක් ලෙස යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවසුවේය.
රටේ ප්‍රශ්න විසඳාගැනීමට නම් නව ජනවරමකින් නව ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 77 වැනි උපන්දිනය ඊයේ (18) දිනට යෙදී තිබුණු අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ වෙනුවෙන් කිරි අම්මාවරුන්ගේ දානමය පිංකමක්, ජය පිරිත් දේශනයක් ඇතුළු වැඩසටහන් කිහිපයක් සංවිධානය කර තිබිණි.
Page 93 of 556